තුවාලකරුවන් ගැන නොබලපු බොහෝ අය ජංගම දුරකථනවලින් සිද්ධිය වීඩියෝ කළා

අනතුරට පත්වූ දුම්රියේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියත් යයි

පොතුහැරදී අනතුරට පත්වූ දුම්රියේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාද ගමන් කරමින් සිට ඇත.

අනතුරින් ඔහුට තුවාල සිදුවී නැති අතර එම සිද්ධිය මෙසේ  විස්‌තර කළේය.

"අනතුර සිදුවූ සැණින් තුවාලකරුවන් රෝහල්ගත කරන්න ගමේ අය කටයුතු කළා. නමුත් තවත් පිරිසක්‌ ඔවුන් අත රැඳි ජංගම දුරකථනවල ඇති කැමරාවලින් සිද්ධිය වීඩියෝ කරනවා දුටුවා. පුදුම මිනිස්‌සු මෙවැනි අනතුරක්‌ සිදු වූ වෙලාවක කළ යුතු දේ නොකර වීඩියෝ කිරීම මොනතරම් අකාරුණිකද?

සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙනිය මහතා මෙසේද කියා සිටියේය.


මම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ වැඩබලන පීඨාධිපති ලෙස සේවය කිරීමට යනවා. ඊයේ පාන්දර මමත්, ගයාන් ඒකනායක මහතාත් මෙම දුම්රියේ ගමන් කළා.

පොතුහැරදී එකපාරටම දුම්රිය මැදිරි දෙකක්‌ විශාල ශබ්ද නගිමින් උඩට විසිවුණා. අපිවත් විසිවෙලා වගේ ගියා. ඒත් අපි දෙදෙනාට කිසිම තුවාලයක්‌ වුණේ නැහැ.

මේ දුම්රිය අනතුරෙන් මගීන් බොහෝ දෙනකු තැන තැන වැටී සිටි අතර ඔවුන් නැගිටීමට උත්සාහ දැරුවා. බොහෝ දෙනකු තුවාලකරුවන් ඉවතට ගැනීමට උත්සාහ නොකර ඔවුන්ගේ ජංගම කැමරාවලින් එම දර්ශන ඡායාරූප ගැනීමට උත්සාහ දැරුවා. ඒත් ගමේ අහල පහල මිනිස්‌සු තුවාලකරුවන් රෝහල්වලට රැගෙන යන්නට උත්සාහ දැරුවා.

මහජනතාවගේ ඊපීඑෆ් මුදලින් ටැබ්ලට් පරිගණක 400 ක් ගෙන්නලා

සේවක අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්) ගැන පුද්ගලික අංශයේ රැකියාවල නියුතු සේවකයින් අතිමහත් බලාපොරොත්තු තබා ඇත. කවදා හෝ රැකියාවෙන් විශ්‍රාම යන දාට විශ්‍රාම වැටුප වෙනුවට ලැඛෙන්නට නියමිත ඊපීඑෆ් මුදල ගැන ඔවුන් නිතරම සිහින මවන්නේ මාස් පතා තම වැටුපෙන් කපන මුදලට අනාගතයේ සාධාරණයක් හිමිවනු ඇතැයි යන අපේක්ෂාවෙනි.
නමුත් මේ විශාල අරමුදල ගැන දැන් අහන්නට ලැඛෙන්නේ
සුබාරංචි නොවේ.

ඊපීඑෆ් අරමුදල පෞද්ගලික ආයතන 58ක කරන ලද ආයෝජනවලින් 2011 වසරේ එම අරමුදල ලබා ඇති පාඩුව බිලියන 11.7ක් බව

විගණකාධිපති එච්.ඒ.එස්. සමරවීර මහතා විසින් නිකුත් කරන ලද එම අරමුදලේ විගණන වාර්තාවක් හෙළි කර සිටියේ මෑතකය.

එම අරමුදලේ සාමාජිකයන් වන මිලියන 2.5ක සේවකයින්හට ලැඛෙන ප්‍රතිලාභ 2010 වසරට සාපේක්ෂව 2011 වසරේ සියයට 01කින් පහළයාමට මෙය හේතු වී ඇති බව පැවසුණා.
2010 වසරේ ගුවන්යානා සමාගමක කොටස් 1,863,676ක් මිලදී ගැනීම සඳහා කරන ලද රුපියල් මිලියන 500ක මුදලින් මේ දක්වා කිසිදු මුදලක් අයතර නැතැයිද 2007දී විදුලිබල සමාගමක ආයෝජනය කරන ලද මුදල්වලින්ද, 2011 වසරේ පාඩු ලබන මූල්‍ය සමාගමක කරන ලද ආයෝජනවලින්ද සේවක අර්ථසාධක අරමුදලට බලවත් ලෙස පාඩු සිදුවී ඇතැයි වාර්තා වුණා.

මෙසේ තිබියදී ඊ-රාජ්‍ය සේවයේ වැඩවලට යයි කියමින් පසුගියදා සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් මිලියන 40 ක් වැයකර ටැබ්ලට් පරිගණක 400 ක් මිලට ගෙන ඇතැයිද වාර්තා වුණා. මෙම මිලට ගැනීම රජයේ මිලට ගැනීම් පටිපාටියෙන් බැහැරව සිදු කරන ලද්දක් බවට වෘත්තීය සමිති දැන් චෝදනා කරනවා.

කම්කරු දෙපාර්තමේන්තුවේ හා කම්කරු අමාත්‍යංශයේ නිලධාරීන් මෙම මිලට ගැනීමට සම්බන්ධව සිටින අතර කිසිදු තාක්ෂණික උපදේශනයක් හෝ මෙය පරිහරණය සම්බන්ධ ජගත් කම්කරු සංවිධානය සැපයූ උපදෙසක් නැතිව මේවා ගෙන්වා දැනට ගාල්කර තිඛෙන බවත් තවත් මාස 3 කින් පමණ එම තොගයේ වගකීම් කල් ඉකුත්වනු ඇති බවත් වාර්තා වනවා.

Piumi Srinayaka New

http://gossiplankalive.blogspot.kr/2014/04/piumi-srinayaka-new-photos.html

Piumi Srinayaka New

Thilakshi

http://gossiplankalive.blogspot.kr/2014/04/thilakshi.html

Thilakshi

Nirosha Virajini’s “BEATS OF HEARTS” 2014

http://gossiplankalive.blogspot.kr/2014/04/nirosha-virajinis-beats-of-hearts-2014.html

Nirosha Virajini’s “BEATS OF HEARTS” 2014

Uddika premarathna's son 1st Birthday


http://gossiplankalive.blogspot.kr/2014/04/uddika-premarathnas-son-1st-birthday.html

Uddika premarathna's son 1st Birthday

Nipunika Hewagamage's 23rd B'day celebration



http://gossiplankalive.blogspot.kr/2014/04/nipunika-hewagamages-23rd-bday-party.html

Nipunika Hewagamage's 23rd B'day celebration

Eresh Jayanga Dias New


http://gossiplankalive.blogspot.kr/2014/04/eresh-jayanga-dias-new.html
Eresh Jayanga Dias New

Lakshika Jayawardhana Hot Photos


http://gossiplankalive.blogspot.kr/2014/04/lakshika-jayawardhana-hot-photos.html

Lakshika Jayawardhana

Pothuhera train crash

 















Pothuhera train crash

volga kalpani Speaks About Her Love









volga kalpani Speaks About Her Love,volga kalpani new,volga kalpani latest,volga kalpani hot,volga kalpani online,volga kalpani new,volga kalpanigossip news

Lakshika Jayawardhana Hot Photos

















Lakshika Jayawardhana

පොතුහැර දුම්රිය අනතුරේ ඡායාරූප හා වීඩියෝ දර්ශන

කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 68 දෙනෙකු තුවාල ලබා තිබේ.

කුරුණෑගල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තුවාල ලැබූ පුද්ගලයින් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ය.

මෙම දුම්රිය දෙක පොතුහැර දුම්රිය ස්ථානය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවූයේ, පෙරවරු 8.45ට පමණ ය.

මෙසේ අනතුරට ලක්වූයේ, මාතර සිට වව්නියාව දක්වා‍ ධාවනය වෙමින් පැවති දුම්රියක් සහ පලෙයි සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති දුම්රියකි. ඡායාරූප හා වීඩියෝ දර්ශන පහතින්