sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
ටෙලිකොම් නිල් නත්තල් සීයාට "කිතු හඬේ" විරෝධය
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් එළඹුණු දෙසැම්බර් මාසයේ ඔවුන් විසින් ලබාදෙන දීමනා ඇතුළත්කොට නිර්මාණය කල වෙළඳ දැන්වීමට "කිතුහඬ" සංවිධානයේ විරෝධය එල්ල වී ඇත.
එම වෙළඳ දැන්වීමෙහි රතු පැහැති නත්තල් සීයා නත්තල් තෑගී ගෙන එන අයුරුත් නිවැසියන් රතු නත්තල් සීයා ගණන් නොගෙන ටෙලිකොම් වාසි ගෙනන නිල නත්තල් සීයා වෙත දිව යන තේමාවකින් නිර්මාණයකොට තිබිණි.
ඔවුන් එම වෙළඳ දැන්වීමට විරෝධය පලකොට ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත ලිපියක් යවා ඇතිඅතර එම වෙළඳ දැන්වීම විකාශය කිරීම අත්හිටුවීමට තවමත් තීරණයක් ගෙන නොමැත.
සිල්වත් සාන්තුවරයෙකු වන නත්තල් සීයා හෙවත් නිකුලස් මුනිවරයාව වෙළද නියෝතයෙකු, චොකා බයිලා කාරයෙකු නොකර එතුමන්ගේ ආදර්ශවත් ත්‍යාගශීලී වෘතය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වන ආකාරයේ වැඩ සටහන් වලට පමණක් ඔහුගේ අනුරූ යොදාගන්නා ලෙසද කිතුහඞ සිය මාදධ්‍ය නිවේදනයේ දක්වා තිබේ.
එම මාධ්‍යය නිවේදනය බලන්න පහතින්

