sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
ගාල්ලේ සිසුන් දෙදෙනෙක් රියදුරෙක් නැතුව යන ජීප් රථයක් හදයි
රියදුරෙකු නොමැතිව ගමන් කල හැකි ජීප් රථයක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ උසස්පෙළ කළා අංශයෙන් ඉගෙනුම ලබන තිවංක සංජුන සහ විහංග සංජුන නිවුන් සොහොයුරන් විසින් නිපදවා තිබේ.
එම නිවුන් සොහොයුරන් විසින් මෙයට ප්‍රථම ලංකාවේ ප්‍රථම අයි පෑඩ් සංගීත කණ්ඩායමද ඉදිරිපත්කිරීම විශේෂත්වයකි. ඔවුන් විසින් නිර්මාණය කර ඇති ජීප් රථය යතුරුපැදි එන්ජිමකින් සමන්විත අතර පැයට කිලෝමීටර් 95 ක පමණ වේගයකින් ධාවනය කල හැක.
මෙම ජීප් රථය ස්වයංක්‍රීයව, දුරස්ථ පාලකයක් මගින් හා රියදුරෙක් මගින් ඕනෑම ආකාරයකින් ධාවනය කල හැක. මෙම ජීප් රථය ගමන් කල යුතු මාර්ගය ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ මුලින් ලබාදෙන අතර ඒ ඔස්සේ යන ජීප් රථය අතරමග බාධක හඳුනාගන්නේ එයට සවිකොට ඇති සෝනාර් අටක් මගිනි.
එම සෝනාර් වලින් අධි සංඛ්‍යාත ශබ්ද තරංග නිකුත් කරන අතර බාධක වල වැදී නැවත ඒවා ජීප් රථයට ලඟා වී ඉන් වැලකීම සමීකරණයක් ඔස්සේ සිදුවෙයි. එයට අමතරව ජීප් රථයේ කැමරා හතරක් සවිකොට ඇතිඅතර එමගින් දුරස්ථ පාලකයක් මගින් ජීප් රථය ධාවනය කල හැක.
මෙම ජීප් රථය ජලයට වැටුණු විට ඒ වටා ඇති ටියුබ් ස්වයන්ක්‍රීයව පිම්බෙන අතර ඉන් අනතුරුව ජලයේ ගමන්කළ හැක.
එම ජීප් රථයේ ජයාරූප හා වීඩියෝවක් පහතින් බලන්න.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)