ගීත හොරකම් කලැයි රනිල් මල්ලවආරච්චි මේරියන්ස්ට නඩු දමයි

නලීන් පෙරේරා ප‍්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් තම පියා වන මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත අනවසරයෙන් ගායනා කිරීම ගැන රනිල් මල්ලවාරච්චි නඩු පැවරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේරියන් නායක නලීන් පෙරේරා පල කරන්නේ මෙවන් අදහසකි.

''රනිල් කියන්නේ මගේ හොද යාළුවෙක්. ඒත් මට හිතාගන්න බෑ ඔහු එකපාරටම මේ වගේ අමුතු කතන්දර කියන්න පටන් ගත්තේ ඇයි කියලා. පස්සේ මට දැනගන්න ලැබුණා

රනිල්ගේ පුතා ගායනා කරලා තිබෙන ගීතයකට අපේ සංගීත කණ්ඩායමේ ශිල්පියෙක් දාලා තියෙන කමෙන්ට් එකක් නිසයි රනිල් මේ විදියට අපිට චෝදනා එල්ල කරන්න පටන් අරන් තිබෙන්නේ කියලා.

ඔහු මට කැත විදියට බැනල SMS පවා එවලා තිබුණා. අපිත් එක්ක හොදට හිටපු රනිල්ව මේ විදියට වෙනස් කරන්න තරම් කවුද ඔහු පිටුපස ඉදගෙන ඔහුව මෙහෙයවන්නේ කියන එක අපිටත් ප‍්‍රශ්නයක්

මේරියන්ස් කියන්නේ ඒවගේ තුප්පහි සංගීත කණ්ඩායමක් නොවෙයි. මිල්ටන් මල්ලවාරච්චි විතරක් නොවෙයි ඕනෑම ගයකයෙකුගේ ගීත අපි ගායනා කරන්නේ ඒවායේ අයිතිකරුවන්ගෙන් අවසර ලබාගෙනයි’'